මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඉදිරි සතිය තුළ ජනතාවට ලබා දීමට කටයුතු කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
රාජ්‍ය සේවකයින්ගේ වැටුපට සරිලන ගෙවීමේ ක්‍රමයකට මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබා දීමට හැකියාව තිබෙන බවත්, ඉදිරියේදී මෙවැනි නිවාස ව්‍යාපෘති රට පුරා ආරම්භ කර මෙරට නිවාස ගැටලුව විසදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
2015 වසරේ අග භාගයේදී වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණු මෙම මහල් නිවාස සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය ආණ්ඩුව කාලය තුළදී මන්දගාමීව ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහල් 11 කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණයට නිවාස 356 ක් අයත්වන අතර එහි එක් නිවසක විශාලත්වය වර්ග අඩි 456 කි. මෙහි ඉදිකිරීම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 1,393 කි.
නිවාස අවශ්‍යතාවය ඇති මධ්‍යම පාන්තික ජනතාවට මෙම මහල් නිවාස සංකීර්ණයේ නිවසක් මිලදී ගැනීම උදෙසා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හරහා ඉල්ලීම් කිරීමටද මේ වන විට කටයුතු යොදා ඇත.