මාතර, මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘රන් මැණිකා’’ බහුධින යාත්රවේ ධිවරයන් පස් දෙනෙකු පාකිස්ථානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ධිවරයන්ගේ ඥාතීහු පවසති.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි අමිල සමිපත්(39) හේන්වල ප්‍රදේශයේ පදිංචි පැතුම් උශේන් (21) වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි මාලන් පි‍්‍රයංකර(39) ගන්දර ප්‍රදේශයේ පදිංචි අමිල තුෂාන්(39) , මිරිස්ස ප්‍රදේශයේ පදිංචි සමිත කුමාර(19), යන ධිවරයන් පස් දෙනෙකි.
ඔවුන් පසුගිය මාර්තු 26 වනදා මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර පාකිස්ථාන දේශසිමාවට ඇතුල්විමත් සමඟ එරට නවික හමුදාව ඔවුන් 5 දෙනා සමඟ යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 9 වනදා සිට එම පිරිස පිළිබඳව කිසිම තොරතුරක් වාර්තා නොවන බවද ඥාතිහු පවසති.
මේ සම්බන්ධව අදහස් පලකල ‘‘රන් මැණිකා’’ බහුධින යාත්‍රාවේ ස්කි්රපර් ලෙස කටයුතු කල අමිල සමිපත් ගේ බිරිද වන චමිලා පුෂ්ප කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය
‘‘ මගේ මහත්තයා ඇතුලූ ධිවරයන් 5 දෙනා පසුගිය මාර්තු 26 වෙනිදා මිරිස්ස ධිවර වරායෙන් රස්සාවට ගියා . දවසක් ඇර දවසක් මිරිස්ස වරායට ඒඅය අමතලා තියෙනවා . මැයි මාසේ 5 වෙනිදා අමතලා කියලා තියෙනවා පාකිස්ථාන නේවි එකෙන් අපේ බොට්ටුවට ළං වෙනවා කියලා .
ඊට පස්සෙ 6 වෙනිදා කියලා තියෙනවා පාකිස්ථාන නෙවි එකෙන් අපිව අත්අඩංගුවට අරගෙන කරච්චි වරායට ගෙනයනවයි බොට්ටුවේ අයිති කෙනාට පාකිස්ථානයට ඇවිත් බේරගන්න කියන්න කියලා තියෙනවා . ඒ ගැන අපි බොට්ටුවේ අයිති කෙනාට කිව්වට බොට්ටුවේ ලියවිලි වගයක් නැ කියලා එයට යන්න බැ කිව්වා . මොනවා කරන්නද කියලා හිත හිත ඉන්නකොට මහත්තයා මේ මාසේ 9 වෙනිදා මගේ දුරකථනයට කෝල් කරලා කිව්වා අද අපේ නඩුව ලංකාවෙන් කවුරුහරි ආවද කියලා මම නැ කිව්වා. ඊට පස්සෙ ඇමතුම විසන්ධි වුනා . එදා ඉදන් අද වෙනකල් දවස් 11ක් වෙනවා ඒ අය ගැන කිසිම විස්තරයක් නැහැ ’’ යැයි පැවසිය .