පැවැති අනාරක්ෂිත තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමූ මොරගහකන්ද ජලාශය මහජනතාවට නැරඹීම හෙට (25දා) සිට විවෘතව ඇතැයි ව්‍යාපෘති මහජන සම්බන්දතා නිලධාරී පී.ජී දයානන්ද මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් ජලාශය නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස දැන්වූ උපදෙස් අනුව මෙම පියවර ගනු ඇතැයි ද ජලාශය නැරඹීම සඳහා පැමිණෙන පිරිස් විශේෂ පරික්ෂාවකට ලක්වන බවත් පැමිණෙන රථවාහන ව්‍යාපෘති භූමියෙන් පරිභාහිරව නැතිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
නාවුල ඉන්දික අරුණ කුමාර