මොරගහ කන්ද- කළු ගඟ වාරි ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
වයඹ සහ නැගෙනහිර පළාත්වල ගොවි ජනතාවට ද එම ව්‍යාපෘතියේ ප්රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන බව ජනාධිපති ප්‍රකාශ කළේ අද පෙරවරුවේ (10දා) පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිමේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක් වෙමිනි.
රටේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම වනුවෙන් එදා සිටම කැපවීමේන් කටයුතු කළ තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ව රටේ කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේත් යහපත වෙනුවෙන් ගතයුතු සෑම තීන්දු තීරණයක්ම ගැනීමට නොපැකිළිව කටයුතු කළ බවද ජනපතිවරයා සඳහන් කළේය.