රුපියල් කෝටි විසි එක්දහසක වියදමින් ඉදිකරන ලද මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සියයට අසූ හතරක් පිරි ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය කියයි.
ඊයේමොරගහකන්ද වාරි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කැදවමින් මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා මේ බැව කියා සිටියේය.
මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි හාරලක්ෂ හැට දහසකි.
මොරගහකන්ද - කළු ගග වාරි ව්‍යාපෘතිය මගින් ඉහළ ඇලහැර ව්‍යාපෘතිය යටතේ කුඩා වැව් 1200 ක්, වයඹ ඇල හරහා කුඩා වැව් 303 ක්,මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ කුඩා වැව් 31 ක් හා මාතලේ - ලග්ගල ප්‍රදේශයේ කුඩා වැව් 13 ක්ද සංවර්ධනය වන බව දයානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මාධ්‍ය හමුවට එක්වු මොරගහකන්ද ව්‍යාපෘතියේ කාර්යභාර ඉංජිනේරු ඞී.එස්. බණ්ඩාර මහතා.
”දැනට ජලාශයේ උපරිම ජල මට්ටමට මීටර් තුනක් අඩුවෙන් ජලය තියෙනවා. තවත් ඝන මීටර් මිලියන අනූවක් පමණ පිරෙන්න තියෙනවා. අපිට තව දින 20කින් පමණ ජලාශයේ උපරිම ජල මට්ටමට ළගා වෙන්න පුලූවන් කියලා විශ්වාස කරනවා.
මේ වගේ අවස්ථාවක මෝසම් තත්ත්වය සක්‍රීය වුනොත් වාන් දොරටු කඩිනමින් වීවෘත කරන්න වන බවද ඔහු පැවසිය.