කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප්රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරිහු පෙන්වා දෙති.
ජලාශයේ ජල පිරවුම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ ඉකුත් ජූලි මාසයේ දී ය.
පවතින වැසි සමයත් සමග එළඹෙන ජනවාරි මාසය වන විට ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරි යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
අද (12දා) පෙරවරුවේ මහවැලි අධිකාරියේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා අනතුරුව එම ශ්‍රවණාගාරයේ දී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග හමුවකට එක් වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය කෙරිණි.