පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි එක් බෝම්බකරුවෙකුගේ ඥාතීන් මේ වන විට නවසීලන්තයේ වාසය කරන අතර නවසීලන්ත පොලීසිය විසින් මේ පිළිබඳව කරන පරීක්ෂණ සඳහා ඔවුන් සහාය දක්වන බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය තුළ පරික්ෂණ සිදුකරමින් සිටියි.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ එය අසාර්ථක වීමෙන් පසුව දෙහිවල ලැඟුම්හලක් තුළ බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් ජමීල් මේහොමඩ්ගේ මව, සහෝදරිය හා ඇයගේ සැමියා මෙසේ නවසීලන්ත පරීක්ෂණවලට සහාය දෙමින් සිටිති.
ඔවුහු මේ වන වින නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි ජීවත්වෙති. අබ්දුල් ලතීෆ් මුලින්ම බ්‍රිතාන්‍ය තුළ අධ්‍යාපනය හදාරා පසුව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. පසුව ඔහු ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් තිබේ.
අබ්දුල් ලතීෆ් දැඩි ආගමික අන්තවාදයක් කරා ඔස්ට්‍රේලියාවේදී ගමන් කළ බව නවසීලන්තයේ සිටින ඔහුගේ සහෝදරිය සඳහන් කරයි.