දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරු 4කින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කටුනායකදී පාපැදියක් ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාපැදියේ ගමන කළ 63 හැවැරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කළුතරදී බස් රථයක පාපැදැයකි ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාපැදියේ ගමන් කළ 52 හැවැරිදි පුද්ගලයෙක් ජීවතක්ෂයට පත්ව තිබේ.
මොරටුවදී මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම යාචක කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීගොඩදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 27ක් වන යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.