එළැඹෙන 14 දා පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩතා ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ' මැර බලට මුහුණදීමට සූදානම්' බවයි.
එසේම ඊයේ අපේගම පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක් ඇතිවුවහොත් කටයුතු කරන ආකාරය පිළිබඳව සෘණාත්මකව අදහස් දක්වා ඇතැයිද ඔහු සඳහන් කළේය.