වටවල පොලිස් වසමේ විග්ටන් වතුයායේ මරා වළදමා තිබු බවට සැකකරන මළ සිරුරක් අද (13) වන දින ගොඩ ගැනිම සිදුකරන ලදි.
විග්ටන් වතුයායේ වයස අවු 83ක් බවට සැකකරන රාගෙයි වල්ලි යන කාන්තාවක් දැනට දින කිපයක සිට අතුරුදහන්ව සිට ඇත.
මේ පිළිබඳව කරන ලද පරික්ෂනවලදි මෙම කාන්තාව මිය ගොස් ඇති බවත් එම දේහය මිහිදන් කිරිම සදහා මුදල් නොමැති බැවින් එම දේහය ඇයගේ පුතා විසින් කැලයේ දැමිමට ගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය විය.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කල පොලීසිය මෙම මියගිය කාන්තාවගේ පුතා කොළඔ ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න මත එම කාන්තාවගේ දේහය එම නිවස අසල පාලුවට ගොස් තිබු ළිඳක දමා ඇති බවට අනාවරණය කර ගෙන ඇත.
ඒ අනුව අද දින හැටන් වැඩ බලන දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සංජිව ෆෝන්සේකා මහතා ඉදිරියේදි එම දේහය ගොඩ ගැනිම සිදු කරන ලදි.
මේ පිළිබඳව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු එම වතුයායේ කිප දෙනෙකුම පවසන ලද්දේ මෙම වයසක කාන්තාව අසනිප තත්ත්වයෙන් පසු වු බවත් ඔහුගේ පුතා බව පවසන අය ඔහුගේම පුතකු නොවන බවත් එම පුද්ගලයා කුඩාම අවධියේ අදාළ කාන්තාව වෙනත් අයකුගෙන් අරං හදාගත් දරුවකු බවත්ය.
එමෙන්ම මෙම කාන්තාව කාලයක් පුරාම විවිධ ස්ථානවල සේවය කරමින් මෙම පුත්‍රයා හදා ගැනිමට දැඩි වෙහෙසක් ගත් බවත් එම පිරිස පවසන ලදි.
එසේ දුක් මහන්සියෙන් හදා ගත් මෙම වයසක කාන්තාව රෝගාතුරවු පසුව ඇය පදිංචිව සිටි නිවස ඉදිරිපිට පොලිතින් ආවරණය කරන ලද කුඩා පැලක දමා තිබු බවත් එම පිරිස් වැඩිදුරටත් පවසන ලදි.
ගොඩගන්නා ලද මළ සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂණය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහල වෙත ගෙන ගොස් ඇති අතර මේ පිළිබඳව වටවල පොලීසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇත.