ගෙවී ගිය කාලයේදී මාධ්‍යවේදීන් ඝාතනය කළ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසටත් මාධ්‍යවේදීන්ට යුක්තිය ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් කරමින් ඊයේ (26) යාපනයේදී විරෝධතාවයක් පැවත්වීය.
ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ මධ්‍යවේදී සුකින්දරාජන් මහතා ඝාතනයට ලක්වි වසර 13ක් පිරීම නිමිත්තෙන් විරෝධතාවය සංවිධානය කොට ඇත.
යාපනය දිස්ත්‍රික් මාධ්‍ය සංගමය,කිළිනොච්චිය දිස්ත්‍රික් මාධ්‍ය සංගමය, වන්නි දිස්ත්‍රික් මාධ්‍ය සංගමය ඇතුළු මාධ්‍ය සංගම් රැසක් විසින් යාපනය නගර මධ්‍යයේදි විරෝධතාවය සංවිධානය කොට තිබිණු අතර විරෝධතාවය වෙනුවෙන් උතුරු නැගෙනහිර මාධ්‍යවේදී සංගම් නියෝජිතයින් මෙන්ම දකුණේ මාධ්‍ය සංගම් නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහය ලැබී තිබුණි.
ඝාතනයට ලක්වු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මාධ්‍යවේදීන් ඝාතනය කළ ඝාතකයින්ට වහාම දඬුවම් ලබා දි යුක්තිය ඉටු කරන ලෙසට විරෝධතාවයට එක්වු මාධ්‍ය සහෘදයින් ඉල්ලීම් කළහ.
එමෙන්ම යුද සමයන් ඇතුළු කාලසීමාවන් තුලදී මෙරට තුළ මාධ්‍යවේදී සහෘදයින් රැසක් ඝාතනය ලක්වි ඇති අතර,තවත් පිරිසක් වසර 10 වැඩි කාලයක් අතුරුදහන්ව ඇති නමුත් අදාළ පිරිස් වෙත මෙතෙක් යුක්තිය ඉටු වි නොමැති හෙයින් මාධ්‍යවේදීන් ඝාතනය කළ ඝාතකයින්ට දඩුවම් පැමිණවිය යුතු අතර,මෙරට මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස සුරකීමට සියළුදෙනා එක්විය යුතු බවද විරෝධතාකරුවන් ඉල්ලීම් කරනු ලැබීය.