කොළඹ සිදුවූ ප්‍රහරවලින් මියගිය විදේශිකයන්ගේ සිරුරු 31ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
ඒ අතර බංග්ලාදේශ ජාතිකයෙකු, ඉන්දිය ජාතිකයන් 8 දෙනෙකු, චීන ජාතිකයන් දෙදෙනෙකු, ප්‍රංශ ජාතිකයෙකු, ජපාන ජාතිකයෙකු, නෙදර්ලන්ත ජාතිකයෙකු, පෘතුගාල ජාතිකයෙකු, සවුදි ජාතිකයන් දෙදෙනෙනකු, ස්පාඤ්ඤ ජාතිකයෙකු, තුර්කි ජාතිකයන් දෙදෙනෙකු,
බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකා ද්විත්වපුරවැසි භාවය හිමි ජාතිකයන් දෙදෙනෙකු හා ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු වෙති.
තවත් විදේශිකයන් 14 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැත. මෙම ප්‍රහාරවලින් විදේශිකයන් 17 දෙනෙකු තුවාල ලබා ප්රතිකාලර ලබා තිබේ.