Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2019-04-24
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
2019/04/23
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම IS භාර ගෙන තිබේ.
කොළඹ නගරයට පැමිණ ඇතැයි සැකකෙරෙන වාහන කිහිපයක් පිළිබඳව ආරක්ෂක අංශවල අවධානය මේ වන විට යොමුව තිබේ.
දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ පිපිරිම්වලින් මේ වන විට පුද්ගලයන් 321ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරවලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 310ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලැබූවන්ගේ පිරිස 500කට අධික වෙයි.
2019/04/22
සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂාව ලක්කිිරිමට පොලිස් විශේෂ කාර්ය බළකාය හා බෝම්බ නිශ්ක්‍රීය අංශය කොච්චිකඩේ ප්‍රදේශයේ කටයුතු කිරීමේදි එම වෑන් රථය පිපිරීමකට ලක්ව තිබේ.
මේ අවස්ථාවේදි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටි වගකිමෙන් කටයුතු කරන ලෙස රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බව රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වත්තල හා ජා ඇළ ප්‍රදේශවල නල ජලයට වස මිශ්‍රවී ඇති බවට වාර්තාවන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
නල ජලය පැයෙන් පැයට පරීක්ෂා කරන බවට එම මණ්ඩලය සඳහන් කරයි.
නල ජලයට කිසි ලෙසකින්වත් වසවිෂ එකතු කළ නොහැකි බවද එම මණ්ඩලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි විදේශිකයන් විශාල ලෙස මේ වන විට රටින් පිටවෙමින් තිබේ. ඉතිහාසයේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත වූ මාස කිහිපයේදී වාර්තා ගත ආදායකම් උපයමින් තිබෙන අවස්ථාවක සිදුවූ මෙම ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විදේශිකයන් රටින් පිටවෙමින් තිබේ. මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දැඩි තදබයක්ද පවතී.
දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතය.
අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයට ජනාධිපති උපදෙස් දී ඇත.
අද (22දා) රාත්‍රී 8 සිට පසුදා පෙ.ව. 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මීගමුව කොච්චිකඩේ සහ මීගමුව කටුවපිටිය යන දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 5 ක අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ පිපිරිම්වලින් මේ වන විට පුද්ගලයන් 290ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ෙමේ දක්වා අත්අඩංගුවට ෙගෙන ඇති පිරිස 24ක් බව ෙපොලීසිය පවසයි.
සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
අද දිනයේදී දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සන්සුන්ව සිටින ලෙසයි.
එසේම සිදුකරන විමර්ශන සඳහා සහාය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විදේශ අමාත්‍යාශයේ ලේකම් ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග හමුවක් පවත්වා තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ රජය ඉතාමත් ඉක්මනින්ම ප්‍රකාශක් නිකුත් කරන බවයි.
කොළඹ ටවුන් හෝල් ප්‍රදේශයේ කිසිදු පිපිරීමක් සිදු වී නොමැති බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
NO blast at Town Hall. Social media quoting @adaderana is not true. I don’t think they have issued any such alert. People PLEASE be responsible in social media postings.
— Harsha de Silva (@HarshadeSilvaMP) April 21, 2019
අද පෙරවරුවේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව එම ප්‍ර දේශවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි රජය සඳහන් කරයි. එම පිපිරීම් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳව තහවුරු කළ තොරතුරක් ඉක්මනින්ම ජනතාව වෙත ලබාදෙන බවත් රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරත් දැක්වෙයි.
කොච්චිකඩේ පල්ලියේ සිදුවූ පිපිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ පරික්ෂාවට ලක්විය.
මල සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන ලෙස ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිට නියෝග කළාය.
දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ පිපිරිම්වලින් මේ වන විට පුද්ගලයන් 138ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 400කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙම මල සිරුරු කොළඹ ජාතික රෝහල, මීගමුව රෝහල,රාගම රෝහල හා මඩකලපුව රෝහලේ තැන්පත් කර තිබේ.
දෙහිවල සත්වෝද්‍යාන අසළ සිදුවු පිපිරිමකින් තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එසේම දිවයින පුරා ඇඳිරි නිතිය ක්‍රියත්මක කිරීමටත් රජය අවධානය යොමුකර තිබේ.
අන්තවාදී කණ්ඩායම් සඳහා කිසිම ඉඩක් නොමැති බවත් අද සිට අන්තවාදී කණ්ඩායම්වලට දැඩි නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
කොළඹ පිහිටි හෝටල් තුළ රැඳවා සිටි විදේශීය ජාතිකයන් වෙනත් රෝහල්වලට යොමුකිරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිකුත් කළ නිවේදනය..
අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා රට පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර තිබේ.
දෙමටගොඩ මහවිල උද්‍යානය අසළ නිවාස සංකීර්ණයක මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් වාර්තා වී තිබේ.
මෙය අද දිනයේදී වාර්තා වූ 8 වැනි පිපිරිම වෙයි.
හැකිතරම් නිවෙස් තුළට වී කාලය ගත කරන ලෙස ආරක්ෂක අංශ උපදෙස් දෙයි.
එල්ල වී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් එම ප්‍රහාර හෙළා දකින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ප්‍රහාර එල්ල වූ ස්ථානයන්හි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය
රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානල රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.
එමෙන්ම දිවයින පුරා අද ප.ව 6.00 සිට හෙට පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. තවද ආරක්ෂික මාණ්ඩලික ප්‍රධානීන්ගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර සිදුවු පිපිරීම් වලින් ආබාධිත තත්ත්වයට ලක්වු රෝගීන් සදහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී .
එමෙන්ම මියගිය පුද්ගලයින් හඳුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්ෂ ණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී. එසේම මිය ගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට රජය තිරණය කර තිබේ.
මෙම සිදුවීම් වලට අදාල පරීක්ෂයණ ආරක්ෂක අංශ විසින් ඉතා පුළුල් ලෙස මේ වන විට සිදු කරන අතර සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්රවෘත්ති හුවමාරුවන බැවින් එම පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.
එමෙන්ම අප්රේතල් 22ල 23 යන දෙදින පෞද්ගලික සහ රජයේ සියලු පාසල් නිවාඩු දිනයන් ලෙස ප්රවකාශ කිරීමට ද රජය පියවර ගෙන ඇතග
මේ වන විට සියලුම ප්රකදේශවල ආරක්ෂදක කටයුතු තර කර ඇති බැවින් රටේ සියලු ජනතාවට තම නිවෙස් වල සන්සුන්ව සාමය ආරක්ෂාක කරමින් රැඳි සිටින ලෙස සහ ආරක්ෂසක අංශ වලට අවශ්යෙ සහයෝගය ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටීග
ජනතාවගේ ආරක්ෂාව සඳහා ත්රිාවිධ හමුදාව කැදවා ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව ත්රිහවිධ හමුදාව මහජන ආරක්ෂාව තහවුරු කරනු ඇත
ත්රස්තවාදීන් වන සහාන් හෂීම් හා අබු මොහොමඩ් මෙම ප්‍රහාර පසුපස සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සහරාන් හෂීම් ෂැංග්‍රීලා හෝටලට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අබු මොහොමඩ් මඩකලපුව ප්‍රහාරය පසුපස සිටින බවත් බොහේ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා 2019.04.21 දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්.
ස්ථාන කිහිපයක අද උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදු වූ සියලූ දෙනාටත් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි. එසේම මේ සිදුවීම රටත්, එමෙන්ම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා.
විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම ප්‍රහාර මා තරයේ හෙලා දකිනවා. නීතිය ආරක්ෂා කිරීමට අප සියලූ දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලූම පියවර ගන්නා ලෙස මා ආරක්ෂක ලේකම් වෙතත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබා ලබා දුන්නා. මමත්, ඒ වගේම අනෙක් ඇමතිවරුනුත්, ජනාධිපතිතුමා සමග ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුලූ නිලධාරීන් සහභාගී වුණා.
දැනට මේ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමතියි. ඒ සඳහා අවශ්‍ය බලතල අප ආරක්ෂක අංශවලට ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ අප සැවොම මේ ජාතික අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර සාමය ආරක්ෂා කරමු.
දෙමටගොඩ පිපිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරින් හා තවත් පාර්ශ්වයක් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවිය.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ පිපිරුමත් සමග දෙදෙනෙනකු දිවගිය බවයි.
දිවයිනේ වාර්තාවී තිබෙන නොසන්සුකාරී තත්ත්වයත් සමග සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට රජය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්රහාරයන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබේ.
Heartfelt condolences from the people of the United States to the people of Sri Lanka on the horrible terrorist attacks on churches and hotels that have killed at least 138 million people and badly injured 600 more. We stand ready to help!
— Donald J. Trump (@realDonaldTrump) April 21, 2019
කොළඹ ප්‍රදේශ කිහිපයක සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
දෙමටගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් බව මේ වන විට තහවුරු වී තිබේ.
මියගිය තිදෙනා අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු සිටිති.
popular news
ranga Monday, 22 April 2019 11:53 AM
.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd