මොරටුව එගොඩ උයන වෙරළ තීරයට කැස්බෑවෙකුගේ මළ සිරුරක් අද (28දා) ගොඩ ගසා තිබියදී සොයා ගත් බව වනජීවී කාර්යාලය පවසයි.
කොළඹ දිස්ත්‍රික් භාර අඩවි ආරක්ෂක සමන් ලියනගේ මහතා පැවසූයේ මෙම කැස්බෑවාගේ මියයෑම සමුද්‍ර දූෂණයේ ප්‍රතිඵලයක් විය හැකි බවයි.
ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හෙතුවෙන් මේ වන විට දැඩි සමුද්‍රීය පරිසර හානියක් සිදුවී ඇති බව සඳහන් වෙයි.
උස් වැටකෙයියාව හා මීගමුව යන වෙරළ තීරයෙන්ද කැස්බෑවන් දෙදෙනෙකු ඊයේ දුර්වල තත්ත්වයෙන් සිටියදී සොයා ගත් බව සඳහන් කළ ඒ මහතා එසේ සොයාගත් කැස්බෑවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර කිරීමෙන් පසු ගැඹුරු මුහුදට මුදා හැරිය බව පැවසීය.
ඉතිරි කැස්බෑවා වනජීවී නිලධාරීන්ගේ භාරයේ පසුවෙන බවද සඳහන් කළ ඒ මහතා එගොඩ උයනෙන් හමු වු මිය ගිය කැස්බෑ මළසිරුර මරණ පරීක්ෂණය සඳහා යොමුකරන බවද වැඩිදුරටත් පැවසීය
රේඛා තරංගනී ෆොන්සේකා