මත්තේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයකට ඇතුළු වී සංඝාවාසයේ තිබූ විද්‍යුත් උපකරණ රැසක් සහ පින් පෙට්ටියේ තිබූ මුදල් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි .
පහත සඳහන් ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා පිළිබඳව තොරතුරක් වෙතොත් ඒ පිළිබදව මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති වරයාගේ 0718 - 592207 අංකයට තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
මෙම පුද්ගලයා ඉකුත් දා කිසිවකුත් නොමැති අවස්ථාවේදී විහාරස්ථානයට ඇතුළු වී සංඝාවාසයේ තිබූ ජංගම දුරකථනයක් ඇතුළු තවත් විද්‍යුත් උපකරණ රැසක් සොරාගෙන ගොස් තිබු බව පොලිසිය පවසයි .
එසේම විහාරස්ථානයේ බෝ මළුවේ සවිකර ඇති පිං පෙට්ටිය කඩා මුදල් ලබා ගැනීමට සැකකරු උත්සාහ කර ඇතත් එය ව්‍යාර්ථ වීම නිසා සංඝාවාසයේ තිබූ වෙනත් පිං පෙට්ටියකින් මුදල් සොරාගෙන තිබේ.
මෙම විහාරස්ථානය මීට පෙරද අවස්ථා කිහිපයකදී සොරුන් කඩා භාණ්ඩ හා මුදල් සොරාගෙන ඇති බව පොලීසිය කියයි .
මෙවර භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීය විහාරස්ථානය සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව ඇති බවත් සැකකරු සොයා විමර්ශනයක් ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි .
ඒ සම්බන්ධයෙන් ඡායාරූපය දැක්වෙන පුද්ගලයා පිළිබඳ තොරතුරක් ඇතොත් වහාම මත්තෙගොඩ පොලිස් ස්ථානය හෝ 119 අංකය අමතන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
මේ සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුශංක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මකය .
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුලරත්න
VIDEO