පාසලකට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් 790000ක මුදලක් වංචා කළ සැකකරුවෙක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
සුවාරපොළ, පිළියන්දළ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහාය ඉල්ලා සිටියි. සැකකරුගේ ඡායාරූපයක්ද පොලීසිය විසින් නිකුත් කර තිබේ.
මේ පිළිබඳව තොරතුරු දන්නේ නම් අධ්‍යක්ෂක වංචා විමර්ශන කාර්යාංශය 011-2673593, ස්ථානාධිපති වංචා විමර්ශන අංශය 011-2673571, ස්ථානාධිපති ඒකක 02 වංචා විමර්ශන අංශය 011-2673581 යන අංක අමතන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.