ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය දෙසැම්බර් මස මුල දක්වා තහනම් කර ඇතැයි ඔහු සිය ට්විටර් ගිණුමට එක් කළ ප්‍රකාශයක දැක්වෙයි.
මැතිවරණය කල්ගත වීම පිළිබඳ සතුටු වන දේශපාලනඥයන් තමන් දැක නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය කල්දැමීමේ ඉතිහාසයක් ඇති බවත් ඔහු සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.