කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ආරක්ෂිත ක්රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබූ තැපැල් කාර්යාල පද්ධතිය එළැඹෙන සඳුදා සිට සාමාන්‍ය රාජකාරී සඳහා සම්පූර්ණයෙන් විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
ඒ අනුව මැයි මාසයට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා, ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුව සියලු ගෙවීම්ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුළු වලදී ගෙවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
මේ අනුව ජල බිල්පත, විදුලි බිල්පත්, දුරකතන බිල්පත්, දේශීව විද්‍යුත් මුදල් හුවමාරු කිරීම, දේශීය ලිපි හා තැපැල් භාණ්ඩ භාරදීමටත් මහජනතාවට අවස්ථාව ලැබේ.
සේවා ලාභීන් නිසි සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ඇතැයි විශ්වාස කරන බවත් තැපැල් කාර්ය මණ්ඩලය ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසයි.