මේ රටේ කෙරෝනා වෛරසයේ පැතිරිම වැඩි වශයෙන් අපි දකින්නේ මේ රටේ සිටින අයට වඩා මේ රෝගය පැතිරි සිටින රටවලින් සිට පැමිණි පිරිස මේ රෝගයට ගොදුරු වි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
අද (18) පැවති කෙරෝනා මර්දන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ සඳහන් කරන ලදි.
විශේෂයෙන් ඊයේ දිනයේ වාර්තාවු රෝගින් දෙස බැලිමේදි ඉතාලිය , කටාර්,එංගලන්තය ,හා ඉන්දියාව වැනි රටවලින් පැමිණි පිරිස් මෙම රෝගයට බදුන් වි ඇති බව දක්නට ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළේය.
එම නිසා රජයක් ලෙස හැකි ඉක්මණින් මේ තත්ත්වය පාලනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.