"මාධ්‍යයට අහන්න ඕන ඒවත් තියෙනවා. අහන්න ඕනේ නැති ඒවත් තියෙනවා. මම කැමති ඒවාට විතරයි මංඋත්තර දෙන්නේ" යැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ, ඊයේ (13දා) සෙවණගල, තුංකෙමගල විහාරස්ථානයේ පැවැති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍ය‘වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.
ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට අයින්වෙන්න කියලා තියෙනව නේද? පොලිස්පතිතුමා ඉල්ලා අස්වෙන්න යනවා කියලා වාර්තා පලවෙනවා ඒක ඔබතුමාගේ නියෝගයක්ද?
"ඒ ගැන දන්නේ නැහැ. මමනම් පොලිස්පතිට අයින් වෙන්න කියලා එහෙම නියෝගයක් දීලා නැහැ."
මාධ්‍ය‘වේදීන් විසින් සභාග ආණ්ඩුව පිහිටුවීම හා තෙල් මිල සුත්‍රය පිළිබඳ විමසුවිට අමාත්යවරයාමෙසේ පැවසීය.
"මේ ආණ්ඩුව හදලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය හාශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුපක්ෂ කිහිපයක් එක්ව මහජනතාවගේ බහුතර කැමැත්ත ඇතිවයි. පැරදිලා ඉන්න අය සභාග ආණ්ඩු හදන්නේ කොහොමද?කවුරු මොන කතා කිව්වත් අපි අවුරුදු පහම ආණ්ඩුව කරනවා.
තෙල් මිල සුත්‍රය ගැන කවුරුත් කතා කරනවා නේ.තෙල් මිල සුත්‍රය කියන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට වැඩි වෙන්නත, මිල අඩු වෙනකොට අඩු වෙන්නත් තමයි මේ සුත්‍රය හදලා තියෙන්නේ.කවුරු මොනවා කිව්වත් රාජපක්ෂලාගේ ආණ්ඩුව කාලෙට වඩා තවමත් තෙල් මිල අඩුයි.රාජපක්ෂලාගේ කාලේ බොරතෙල් මිල අඩුවෙලා තියෙද්දිත් තෙල් මිල වැඩියෙන් තිබුණේ.
අද බොරතෙල් මිල වැඩි වෙලා තියෙද්දිත් අපේ ආණ්ඩුව තවමත් තෙල් මිල අඩුයි.නාමල් රාජපක්ෂලා හැම තැනම කියනවානේ මේ ආණුඩුව පෙරළනවා කියලා.තව පෝය දෙකයි කිව්වනේ.ඉතින් දැන් පෝය කීයක් ගියාද.බැරි වුණා නේ.අපි මේ අවුරුදු පහම මේ ආණුඩුව කරනවා.ඔය කියනවා වගේ එහෙම මේ ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ."
ණුවන් ජයසේකර