කිලිනොච්චිය කොකාවිල් මුරුකණ්ඩි කැලෑබද ප්‍රදේශයක දුර්ලබ වර්ගයේ විශාල දිවියෙකු මන්දකට හසුව සිටියදී ඊයේ (21) දින බේරා විල්පත්තු කැලෑවට නිදහස් කිරීමට පියවර ගත් බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.
කොකාවිල් යුදහමුදා කඳවුරක් ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක දඩයම්කරුවෙකු විසින් අටවන ලද උගුලකට 20 වනදා රාත්‍රියේ පමණ හසුව සිට ඇති අතර පසුව දිවියා මන්දකට හසුව සිටින බව යුදහමුදා නිලධාරීන් දැක කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දී ඇත.
අනතුරුව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය නිලධාරී බී. ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් මන්දට හසුව සිටි දිවියා බේරාගෙන විල්පත්තු රක්ෂිතයට රැගෙන ගොස් මුදා හැරීමට පියවර ගනු ලැබීය.
අඩි 4 ක් පමණ දිගැති මෙම දිවියා කිලිනොච්චිය රක්ෂිතයේ සිටීමද ඉතා දුර්ලබ සිදුවීමක් බවටත් මුදා හරින ලද දිවියා යහපත් සෞඛ්‍ය තත්වයේ සිටි බවටද වනජීවි නිලධාරීන් පැවසූහ.
දිවියා අල්ලා ගැනීම සඳහා උගුල ඇටවූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටද කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.