කොවිඩ්-19 වෛරසය හමුවේ ඇමෙරිකානු මිනිසුන් අනවශ්‍ය ලෙස මියගොස් ඇති බව ගූගල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි එරික් ෂ්මිට් අවධාරණය කරයි.
ඇමරිකානු කොවිඩ්-19 ප්‍රතිචාරයේ නායකත්වයේ අසාර්ථකත්වයට ඇඟිල්ල දිගු කරන ඔහු, වෛරසය මැඬපැවැත්වීම සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරන්නේ, ඉදිරියේදීවත් පියවර නොගතහොත් තත්ත්වය තවත් දුෂ්කර වනු ඇති බවට අනතුරු අඟවමිනි.
"මුඛ ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථකරණය වැනි පොදු හා සරල දේවලට රජය ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූ නිසා මිනිසුන් අනවශ්‍ය ලෙස මියගියා" ෂ්මිට් සඳහන් කළේය.
2001 සිට 2011 දක්වා ගූගල් සමාගමට නායකත්වය දුන් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා කියා සිටියේ ෆෙඩරල් රජය ව්‍යාකූලත්වයට පත්ව ඇති බවත්, රට තුළ ඒකාබද්ධ දත්ත පද්ධති නොමැති නිසා බලාපොරොත්තු නොවූ තත්ත්වයකට රට ඇද වැටී ඇති බවත්ය.
"අපේ රජයේ සෑම මට්ටමකම නායකත්වය අසාර්ථක වීම තුළ, තමන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තමන්ගේම ගණනය කිරීම් කිරීමට මිනිසුන්ට අවසානයේ සිදුව තිබෙනවා" එරික් ෂ්මිට් වැඩිදුරටත් කළේය.
එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 6,073,174ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 185,000ක සීමාවට පැමිණ තිබේ.