හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිංගප්පූරුවට ගොස් ඔහු හමු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
තරුපහේ හෝටලයකදී මෙම හමුවීම සිදුව තිබෙන බවත්, එතැනදී හිටපු අගමැතිවරයා ලංකාවේදී පොරොන්දු වූ දේවල් සිංගප්පූරුවේදී ඉෂ්ට කරගෙන තිබෙන බවට වාර්තා වන බවත් එම පක්ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවද අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.