කොරෝනා රෝගය ආසාදිත වූ දිවුලපිටිය කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇගළුම් කම්හලෙහි සේවය කළ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් පිළිකුත්තුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මොහු එක් දරු පියෙකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ද පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර එම රෝගියා අද (5) රාත්‍රියේ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම තැනැත්තා ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන සේවාවක ගමන් කොට ඇති අතර ඔහු සමග එම රථයෙහි ගමන් ගත් සේවකයින් ස්වයං නිරෝධානයට ලක් කරමින් පී.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක