ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම මේ සතිය තුළ අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද (20) උදෑසන සිට මෙම රුපියල් 5000 ගෙවීමේ කටයුතු ආරම්භ කෙරුනු බවයි.
මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශ වලට අයත් මිනුවන්ගොඩ දිවුලපිටිය, අත්තනගල්ල, මිරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල තෝරාගත් ස්ථානයකදී මෙම 5000 දීමනාව ලබා දීම අද (20) සිට සතියක් පුරා ක්‍රියාත්මක වෙයි.
මේ සඳහා පළමු අදියර යටතේ රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 40කි. (රුපියල් මිලියන 400කි) සියලු නිරෝධායන නීති රීති අනුගමනය කරමින් මෙම මුදල් ලබා දීමට අවශ්‍ය පියවර ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.
මේ අතර ඇදිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු පොලිස් බල ප්‍රදේශ 16කට ද රුපියල් 5000 දීමනාව ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ඉල්ලා ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.