ප්රජාතන්ත්රවාදය, සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය සහ මිනිස් අයිතිවාසිකම් යන ක්ෂේත්රවල ශ්‍රී ලංකාව ලබා තිබෙන සුවිශේෂී ප්‍රගතිය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරියගේ පැසසුමට ලක් විය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටී්රෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ඊයේ (28දා) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ඇය මේ බව පැවැසුවාය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් ශක්තිමත් කරන බව ප්‍රකාශ කර ඇති මහලේකම්වරිය සංවර්ධනයත්, සංහිඳියාවත් උදෙසා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බවට ද සහතික වී තිබේ.
ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්රය තුළ අනෙකුත් රටවල් සමග ගනුදෙනු කිරීමේ දී ශී‍්‍ර ලංකාවට සහය ලබාදීමට කටයුතු කරන බව ද මහලේකම්වරිය පැවසුවාය.