මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයෙන් ඊයේ (25) වනවිට නවක කොවිඩ් 19 රෝගීන් 75 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව මෙසේය.
මොනරාගල 33,බුත්තල 20,සියඹලාණ්ඩුව 13, වැල්ලවාය 06,මඩුල්ල 02,සෙවනගල 01 එම රෝගීන්ගේ ආශ්‍රිතන් දොළොස් දෙනෙකු මේවන විට නිවෙස් වල නිරෝධායනය වෙමින් පසුවේ.
මොනරාගල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හමුවී ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 807 කි.
මේ දිනවල කොවිඩ් 19 වෛරසය දිස්ත්‍රික්කය පුරා පැතිරෙමින් පවතින බැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංචරණයන් සීමාකොට නිවෙස් වලට වී සිටින ලෙසටත් ප්‍රියසම්භාෂණ උත්සව නොපවත්වන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.
මොනරාගල සුමනසිරි ගුණතිලක