පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වු මට්ටක්කුලිය ප්රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) මරණ දඩුවම නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට මෙලසෙ මරණ දඩුවම නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඩුවම නියම වුයේ මට්ටක්කුලියේ පදිංචි නිලන්ත කුමාර ඩයස් නමැත්තාටය.
2001 ජුනි මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මට්ටක්කුලියේදී වික්රමසිංහගේ සුමිත් නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහරදී මරා දමන ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මරණකරු වන වික්රමසිංහගේ සුමිත් නමැත්තා ත්රීරෝද රථයකින් පැහැරගෙන ගොස් ඔහුට පහරදී මරා දමන ලද බවට සාක්කි ඉදිරිපත් විය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා විසින් ඔහුට මරණ දඩුවම නියම කරන ලදී.