ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම පිළිබඳව සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්ෂණ මණ්ඩලයක් පත්කිරීමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කර තිබේ.
මේ පිළිබඳව පොලීසියට ද පැමිණිලි ලැබී අතර සිද්ධියට සම්බන්ධ මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයද නියෝග කර තිබේ.
පරීක්ඹණ මණ්ඩලයට සමගාවීම මෙම සිදුවීම පිළිබඳව යුද්ධ හමුදා පොලිස් පරික්ෂණයක් ද ආරම්භ කොට ඇත.
දැනට අවශ්‍ය කරුණු හා සාක්ෂි විමර්ශනය කරමින් කටයුතු කරනු ලබන පරීක්ෂණ මණ්ඩලය විසින් සිදුවීමට අදාළ නිරික්ෂණ ඇතුලත් සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් කඩිනමින් යුද්ධ හමුදාධිපති වෙත ලබාදීමට නියමිත බව යුද හමුදාව නිවේදනය කරයි.