මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව සිදු කරන ලද කැනීම් වලදී අද (16) වනවිට සිරුරු 300 ක් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
පසුගිය ජනවාරී 11 වනදා සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු තාවකාලිකව නැවත්වීමෙන් පසුව 130 වන දිනට අද දිනයේදී සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු නැවත ආරම්භ කොට ඇත.
මේ අනුව හමු වූ සිරුරු 300 න් සිරුරු 294 ක් වෙන් කොට මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කොට ඇති අතරද එසේ හමුවූ සිරුරු වලින් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 23ක් වෙන් කොට ඇති බවටද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
මන්නාරම් සමූහ මිණීවලේ සිරුරු කොටස් ඇමරිකාවට රැගෙන යාම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ,
‘මන්නාරම මහේස්ත්‍රාත් නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකර සියළු පාර්ශව වෙනුවෙන් විනිවිදභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියළු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගන්නවා බවයි”.