මන්නාරම මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුට ඇතුලු 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමග මාළු වෙළඳපොළ තාවකාලිකව අද (10) දිනයේත් වසා දැමීමට පියවර ගෙන ඇතැයි මන්නාරම සෞඛ්‍ය පරික්ෂ කාර්යාලය පවසයි.
මන්නාරම මාළුවෙළඳපොළේ සිටි වෙළෙන්ඳෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී එම වෙළෙන්ඳාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම මාළු වෙළඳපොළේ සිටි සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කරන ලදි.
එහිදී මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුටද පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ සහ අද (10 ) දිනයන්හි මන්නාරම මාළු වෙළඳසැල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමුකරමින් සිටින අතරම මන්නාරම වෙළඳපොළද විෂබීජහරණය කිරීමෙන් පසුව ආරක්ෂාව තහවුරු කොට නැවත විවෘත කිරීමට පියවර ගන්නා බවටද මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.