ශ්‍රී ලංකා සාගරයේ මන්නාරම් ද්‍රෝනියේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි සෙවීමේ මෙහෙයුම් අද (22දා) ආරම්භ කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ BGP Pioneer නෞකාව මඟිනි. පසුගිය මාර්තු 30 වැනිදා සිට මේ දක්වා එම නෞකාව ලංකා ද්‍රෝණියේ JS - 05 සහ JS - 06 යන කලාපවල දත්ත ගවේෂණය කිරීම සිදු කෙරිණි.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම ගවේෂණය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව BGP Pioneer නෞකාව මන්නාරම් ද්‍රෝනිය වෙත අද ළඟා වූ බවයි.
අද සිට ඉදිරි සති තුනක කාලය තුළදී මන්නාරම් ද්රෝනීයේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි ඇත්දැයි ද්විමාන භූකම්පන දත්ත රැස් කිරීම සිදු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.