සියයට දෙකක්ව පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ වනවගාව සියයට හතරක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
අඩුම වන ඝනත්වයක් ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ වන ඝනත්වය ඉහළ නැංවීම සදහා සිදු කල යුතු ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ,
“ලංකාවේ අඩුම වන ඝනත්වයක් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ 2% යි. ජනාධිපතිතුමා මට කීවා පුළුවන් නම් ඒක 4% ක්වත් කරලා දෙන්න කියලා. ලංකාවේ වැඩිම වන ඝනත්වයක් තියෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ. හැබැයි වනය අඩු වීමේ අඩුම ශීඝ්‍රතාවය තියෙන්නේත් ලංකාවේ.
ඒ හින්දා තව පැත්තක් ඇවිල්ලා තියෙනවා. ඒ ලංකාවේ වැඩියෙන්ම දැව ආනයනය වෙලා තියෙනවා. ගම්පහ වන ඝනත්වය වැඩි කරන්න අපි සැලසුමක් හදලා තියෙනවා. ඒකට කාගෙවත් ඉඩම් වල අයිතිය අපිට අවශ්‍ය නෑ. අවුරුදු 20 ක් යනකම් ගස් ටික කපන් නෑ කියලා MOU එකක් අත්සන් කරන්න පුළුවන් නම් අපිට හැකියාවක් තියෙනවා කැලය වවන්න. කිසිම හේතුවක් නිසා ඒ කැලයේ තියෙන ගස් අයිතිකාරයාගෙන් අපි ඉල්ලන්නේ නෑ. කොස් ගස් හිටවන්න කැමති නම් අවුරුදු 20 කින් ඒවා කපා ගන්න පුළුවන් අන්දමට අපිට පර්මිට් එක හදලා දෙන්නත් පුළුවන්. සමහර අය කියනවා අපි කැලේ වැව්වට අපිට ආර්ථික වටිනාකමක් නෑ කියලා. ඒකට අපිට ඕනෙනම් පුළුවන් මාසේකට ගානක් ලබා දෙන්න. හැබැයි ඵලදාව බෙදා දෙන කොට ඒකත් බෙදන්න වෙනවා.