මැනිං වෙළඳපොළට අනියුක්ත කාර්ය මණ්ඩලවලට අයත් පිරිස් අතරින් තවමත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති පුද්ගලයෙක් වේ නම් රජය දන්වා ඇති දුරකතන අංකවලට විස්තර එවා හැකි ඉක්මනින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“ඔබ මැනිං වෙළඳපොළේ වෙළඳසැලක හිමිකරුවෙක්, තාවකාලික අලෙවිකරුවෙක්, සහායක කාර්ය මණ්ඩලයේ හෝ නාට්ටාමිවරයෙකු නම් පී.සී.ආර්. පරීක්ෂණ කර නැතිනම් පහත අංකවලට කෙටි පණිවිඩයක් යොමුකරන්න.
එම කෙටිපණිවිඩ යොමුකළ යුතු දුරකතන අංක වන්නේ 0718591555/ 0718591554/ 0718591551 අංකයි. ඒවාට තමන්ගේ නම, වෙළඳසැල් අංකය, ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය යන තොරතුරු ඇතුළත් කරන්න.
මෙම අංකවලට යොමුකිරීමෙන් පසු සෞඛ්‍ය අංශ මැදිහත්ව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබනවා.”