ශ්‍රී පාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදි මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා නිර්වින්දනය කර මුදා ගැනිමට වනජිවි නිලධාරින් අද (26දා) පස්වරුවේ සමත් වී ඇත.
උඩවලව අත් ඇතුරු සෙවන පශුවෛද්‍යය රෝහලේ වෛද්‍යය මාලක අබේවර්ධන මහතා සහ රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය යන මහතුන් විසින් මන්දට හසු වී සිටි කළු කොටියාව නිර්වින්දනය කර මන්ද ගලවා තුවාල ලබා සිටි කළු කොටියාව ප්‍රතිකාර ලබා දි සදහා නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන යනු ලැබීය.
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතු යායේ වාලමලේ කොටසේ වතු කොවිල අසෙළ එලවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සදහා කම්බියකින් අටවන ලද මන්දකටයි කළු කොටියා හසු වි තිබුණේ.
අවුරුදු 8 ක් පමණ වයසැති දිගින් අඩි 8 ක් සහ උසින් අඩි 4 ක ප්‍රමාණයකින් යුතු මන්දට හසු වි සිටි කළු කොටියා පිරිමි සතෙකු බවත්, කොටියා හොදින් වැඩුණු සතෙකු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
මුදාගත් කළු කොටියා නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දි කළු කොටියාට ශ්‍රි පාද රක්ෂිතයටම මුදා හරින බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
ජාන විකෘතියක් මත නිර්මාණය වන කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත් , ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.