මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් මාන්තිව් දූපත රෝග නිරෝධායන කටයුතු සඳහා යොදාගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම දූපත මීට පෙර ළදරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මද්යස්ථානයක් ලෙසට භාවිතා කර තිබෙන බවත් ඊට අදාළ රෝහල මේ වනවිට සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
කොරෝනා වෛරස් රෝග තත්ත්වය නිසා දකුණු කොරියාවේ සිට පැමිණෙන පිරිස් නිරෝධායනය කරන බවට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙන බවත්, මීට අමතරව ගෙවීගිය වසර විස්සක කාලය තුළ ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් සිදුකළ රෝග හයක් ඇතිවී තිබෙන බවද කියා සිටියේය.
මේ නිසා ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසට මෙම දූපත යොදා ගතහැකි බවත් එම දූපත සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නිසා එම කටයුතු පහසුවෙන් සිදුකළ හැකි බවද අද (24දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.