කොරෝනා ආසාදිතයෙකු එක්වූ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාළ මහතා එක්ව ඇති හෙයින් ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කරන බවට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අවමංගල්‍ය උත්සවයට එක්වූ සියලු දෙනාම ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවද මන්ත්‍රීවරයා පැවැසීය. මේ පිළිබඳව අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසුවේ ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ අවධානයට යොමුකරන බවයි.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී සම්පත් අතුකෝරාළ මහතා පැවැසුවේ "මනූෂට ගාල්ලේ මළ ගෙදරකවත් යන්න බෑ.මම ගියා කියලා කොහොමද කියන්නේ" යනුවෙනි.