සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි අබ්දුල් හලීම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඊයේ ඔහු සිදුකළ ඇන්ටිජන් පරික්ෂණයේදී මන්ත්රීවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් ඔහු පී.සී.ආර්. පරීක්ෂනයකට ලක්වීමට නියමිත අතර එතෙක් ඔහු සිය නිවසේ ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටියි.