ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට දික්ඔය මුලික රෝහලේදී අද (19) දින සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයාට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා මන්ත්‍රිවරයා දික්ඔය මුලික රෝහලට පැමිණ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදු කරගෙන ඇත.
එම පරික්ෂාවේදි මන්ත්‍රිවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා මන්ත්‍රිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රෝහල් කාමරයක් වෙන් කරවාගෙන දික්ඔය මුලික රෝහලෙන් බැහැරව ගිය බවයි එම වෛද්‍යවරයා කියා සිටියේ.
මන්ත්‍රිවරයාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිම සඳහා මන්ත්‍රිවරයා පදිංචි තලවකැලේ මඩකුඹුර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරින් වෙත උපදෙස් ලබාදුන් බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා වැඩිදුදරටත් පැවසිය.