කොරෝනා මරණ දෙකක් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වෙමින් පවතින බැවින් කොරෝනා වෛරසය පරීක්ෂාව සඳහා අවශ්‍ය පීසීආර් යන්ත්‍රයක් කඩිනම්න් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහල යනු දිවයිනේ පිහිටි සිවුවන විශාලම රෝහල මෙන්ම උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකරණය කෙරෙන ප්‍රධාන රෝහල ලෙස සැලකුනද කොරෝනා වසංගතයේ දෙවෙනි ව්‍යාප්තිය සිදුවෙන තෙක්ම කුරුණෑගල ශික්ෂණ රෝහලට පීසීආර් යන්ත්‍රයක් ලබා දීමට රජය පියවර නොගැනීම කණගාටුවට කරුණක් බවද අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මීට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබාදී තිබූ පොල් පර්යේෂණ ආයතනයට අයත් පීසීආර් යන්ත්‍රය ප්‍රයෝජනයට ගැනීමටත් පෙරම ආපසු ලබා දීමට සිදුව ඇති බවද මේ හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන සැකසහිත රෝගීන්ගේ සෙම පටල පරීක්ෂාව සඳහා මහනුවර මහ රෝහලට සහ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යැවීමට සිදුව ඇති බවද ඔමු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ රෝහලේ කාර්ය මණ්ඩලය එක්ව පීසීආර් යන්ත්‍රයක් සකස් කරගෙන ඇතත් එයින් දිනකදී ලබාගත හැකි වාර්තා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමෙන් රෝහල් පරිපාලනය අසීරුතාවයට පත්ව සිටින මන්ත්‍රීවරයා පැවසීය.
" මේවනවිට කුලියාපිටිය ප්‍රදේශය ආශ්‍රිතව විශාල කොරෝනා පොකුරක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ පොකුර දැන් කුරුණෑගල දක්වාම පැතිරිලා ඇවිත් අවසානයි. මෙයින් රෝගීන් දෙදෙනෙකු දැනටමත් මරණයට පත් වෙලා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාමත් පැතිර යාමේ අවදානමක් දැන් ඇති වෙලා තිබෙන්නේ.
එවැනි අවදානම් තත්ත්වයක් තිබියදීත් රජය කියන්නේ තවම වෛරසය සමාජයට පැතිරිලා නැහැ කියලා. මේක ජනතාව රවටන විහිළුවක්. මේ ඇත්ත ජනතාවට හෙළි කරන තුරු ජනතාව මේ අවදානම් තත්ත්වය ගණන් ගන්නේ නැහැ. සත්‍යය තත්ත්වය ජනතාවට අවබෝධ කළොත් ජනතාව මේ වසංගතයෙන් ප්‍රවේශම් වෙන්න උත්සාහ කරයි. මහින්ද රාජපක්ෂ මහත්තයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ වැඩි ජන්දයෙන් රටේ අගමැති වුනත් තමන්ට ජන්දය දුන්න ජනතාව කරන සැලකිල්ලක් විදියටවත් කුරුණෑගලට පීසීආර් යන්ත්‍රයක් ලබා දීම එතුමාගේ යුතුකමක් වෙනවා " යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.