විශේෂ ජනාධිපති සමාව යටතේ 2006 සිට 2015 දක්වා වසර නවයක කාලසීමාවක් තුළදී සිරකරැවන් විසි නවදහස් තුන්සිය නව දෙනෙකු (29309) නිදහස්කර ඇති බවත් මිනිමැරැම් චෝදනා වෙනුවෙන් සිරගතවු අයෙකුද ඒ අතර වන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
වාචික පිළිතුරැ අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරැ දෙමින් අමාත්‍ය ගයන්ත කරැණාතික මහතා මේ සම්බන්ධයෙන් කරැණු ඊයේ(09දා) පාර්ලිමේන්තුවට දැන්වීය.
2006 සිට 2015 දක්වා විශේෂ ජනාධිපති සමාව ලබාදුන් සිරකරැවන් සම්බන්ධයෙන් නලින් ද ජයතිස්ස මහතා ප්රශ්නය යොමුකර තිබුණී.
ස්ත්රීදුෂණ හෝ ළමා අපචාර වලය සම්බන්ධ කිසිඅයෙකුට නිදහස ලබාදී නොමැති අතර මීනිමැරැම් වලට සම්බන්ධ අයෙකුට 2010 දී නිදහස ලබාදී ඇතිබව ගයන්ත කරැණාතිලක අමාත්‍යවරයා සඳමන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා විමසා සිටියේ කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ කාන්තාවකට ජනාධිපති විශේෂ සමාව දී ඇත්තේ ඇමති බිරිඳක් වීම නිසා බවය. ජනාධිපති සමාව දේශපාලන හිතවත්කම් සඳහා අවභාවිතකර ඇති බවද හෙතෙම සඳහන් කළේය.