මධ්‍යම පළාත තුළ පිහිටි සියලුම බලපත්‍රලාභි සුරාසැල් සහ සංචාරක හෝටල් ආශ්රිත සුරාසැල් සියල්ලටම මුද්‍රා තැබීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සුරාබදු ඒකකය පවසයි.
මධ්‍යම පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටියේ නීති විරෝධී ලෙස වැඩි මිලට මත්පැන් අලෙවිය සහ බලපත්‍ර කොන්දේසි කඩ කිරීම ඇතුළු චෝදනා ගණනාවක් හේතුවෙන් එසේ සියලුම සුරා සල් වලට මුද්‍රා තැබීමට පියවර ගත් බවයි .
ඒ අනුව මධ්‍යම පළාත තුළ පිහිටි සංචාරක හෝටල් ආශ්‍රිතව සහ බලපත්‍රලාභි රට බීම හල් පන්සියයක ට මුද්‍රා තැබීමට පියවර ගත් බවත් නීති විරෝධී මත්පැන් අලෙවිය සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය යන චෝදනා යටතේ නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල පුද්ගලයන් දහහත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ද සහකාර කොමසාරිස්වරයා පැවසීය.
ෂේන් සෙනෙවිරත්න