මධ්‍යම පළාතෙන් කොවිඩ් ආසාදිතයින් 176ක්
මධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 176 දෙනෙකු අද 13 වනදා පෙරවරුව දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 80 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 36 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 60 වශයෙන් එම රෝගීන් 176 දෙනා වාර්තා වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්රක්කයෙන් එක් රෝගියෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් එක් අයෙකු වශයෙන් එම රෝගීන් දෙදෙනා වාර්තා වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තාම්න්තුව පවසයි.
මේ අතර මධ්‍යම පළාත තුල පවත්වාගෙන යනු ලබන කොවිඩ් 19 රෝගීන් සඳහා වන ප්‍රතිකාර මධ්‍යස්ථාන වන තෙල්දෙණිය පොල්ගොල්ල, පැණිදෙණිය සහ කුණ්ඩසාලේ යන ප්‍රතිකාර මධ්යස්ථනයන් සඳහා පසුගිය පැය 24 ක කාලය තුල රෝගීන් 56 දෙනෙකු ඇතුලත් කරනු ලැබූ අතර රෝගීන් 31 දෙනෙකු පැය 24 ක කාලය තුල සුවවී ආපසු නිවෙස්වෙත ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

