මධ්‍යම පළාත තුළ නායයෑමේ අවදානම් තවදුරටත් දිර්ඝ කෙරේ
මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අටකට තව අද (23) පස්වරු 2.30 දක්වා නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කරනු ලැබ තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය,ගඟවට කෝරළය, ගලගෙදර(තුම්පනේ) සහ පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස , නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ සහ අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින් ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

