සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 09 දා දක්වා කල් තබා තිබේ.
පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මධුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් අතර එම පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යන අය ද වෙති.
අත්අඩංගුවට ගත් පිරිස් සම්න්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා පුද්ගලයින් 30 දෙනෙකු මේ වනවිට අවස්ථා කිහිපයකදී එරටින් පිටුවහල් කරනු ලැබුවේය.
ඔවුන්ගෙන් පිරිසක් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගත කෙරුණු අතර තවක් පිරිසක් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරීමට පියවර ගත්තේය.
කෙසේවෙතත් තමන් ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකඳුරේ මදුෂ් එරට අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබු අතර එහි තීන්දුව පසුගිය 18 වනදා ලබා දීමට නියමිතව තිබුණි.
එහෙත් එදින අධිකරණ තින්දුව ලබා දීමට කටයුතු නොකළ අතර තීන්දුව ලබා දීම අද (2) දිනය දක්වා කල් දැමීමට එරට අධිකරණය පියවර ගත්තේය.