මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 17 වනදා දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 277දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 13,291 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7821 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2469ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3001 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් ආසාදිතයින් 166 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 80 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, ආසාදිතයින් 31 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මේ වන විට කොවිඩ් මරණ 138 ක් වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ78 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ35 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 25 ක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 138ක්ද වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.