මධ්‍යම පළාත තුල මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉන් මහනුවරින් 31ක්ද මාතලෙන් 07 ක්ද නුවරඑළියෙන් 03 ක් ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
මහනුවර අකුරණ ප්‍රදේශයෙන් වාර්තාවූ කොරෝනා රෝගීන් හත් දෙනාට අමතරව අනිකුත් පළාත් තුලින් වාර්තාවූ සියලු රෝගීන් නාවික හමුදා සෙබලුන් හා ඔවුන්ගේ සමීපතයින් බව අධ්යක්ෂවරයා පැවසීය.
මහනුවරින් වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 21 දෙනකු නාවික සෙබලුන් බවද හෙතෙම අවධාරණය කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණට පසුව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ නාවලපිටියෙන් වන අතර එම සංඛයාව 05 කි.