මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙතෙක් කෝවිඩ්-19 වාර්තා වී නොතිබුණත් මධ්‍යම පළාතෙන් ආසාදිතයන්හය දෙනෙකු හමු වී තිබෙන බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව හා හැටන් ප්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින්ද අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආසාදිතයන් දෙදෙනෙකුදහමුව තිබේ .මාතලේ දිස්ත්‍රික්කය මාතලේ හා නවුල ප්‍රදේශවලින් ආසාදිතයන් දෙදෙනෙකුද හමුව තිබේ .
පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට (25) පත් කළ අතර මේ වන විට එහි පුද්ගලයන් 25 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරඉන් එක් අයකුට කොවිඩ්වෛරසය ආසාදනය වී ඇති බවඊයේ (25)හඳුනාගෙන තිබේ . එම පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය .
මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකදී අහඹු ලෙස පුද්ගලයන් තෝරාගෙන පි.සි.ආර්. පරීක්ෂණ සිදු කිරීම (26) සිට ආරම්භ කරන බවපැවසූ පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වරයාපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පි.සි.ආර්. පරීක්ෂණ 80ක්දපශුවෛද්ය පීඨය මගින් පි.සි.ආර්. පරීක්ෂණ 180ක්දසිදුකිරීමට නියමිත බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි .
ෂේන් සෙනෙවිරත්න