මධ්‍යම පළාත තුළින් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන ඇති වන බවත් ඔවුන් සියලු දෙනා මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කොට ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
ආසාදිතයින් අතරින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තිස්තුන් දෙනකුද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ආසාදිතයින් හතලිස් අට දෙනෙකු ද මාතලේ දිස්ත්‍රික්කයෙන් විසිපස්දෙනෙකුද හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ .
මේ වන විට මධ්‍යම පළාත තුල දැඩි නිරෝධායන නීති රීති මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම නීතිරීති උල්ලංඝනය කරන්නන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කියයි .