කොවිඩ් ආසාදිත බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරුව තිබියදීත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ හැකියාවක් නොමැතිව විශාල පිරිසක් මධ්‍යම පළාතේ සිටින බව සෞඛ්‍ය අංශ නිලධාරින් පවසයි.
සමහර කෝවිඩ් ආසාදිත පුද්ගලයන් සිටින නිවෙස් වල වයසක දෙමාපියන් හා දු දරුවන්ද සිටින බවත් ඔවුන්ගේ පි සි ආර් පරික්ෂණ දින ගණනක් වුවත් සෞඛ්‍ය අංශ ඒ සදහා පියවරක් ගෙන නැති බවද රෝගිහු පවසති.
මේ සම්බන්ධව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතාගෙන කල විමසිමකදි මෙලෙස පැවැසිය.
ඔවුන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බවත් පොල්ගොල්ල,ගම්පොළ,නුවරඑළිය කන්දේ ඇළ,මාතලේ කර්මික විද්‍යාලය ඇතුළු ස්ථාන ගණනාවක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව අලුතින් ඇඳන් 1450 ක් පමණ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමේ අවකාශ ලැබෙන බව සෞඛ්‍ය අධ්යක්ෂවරයා පැවැසිය.
මධ්‍යම පළාතේ නිවෙස් වල සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් එම අගය සියයකට වැඩි බවත් දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලැබ සුවය ලබන රෝගීන් පිටව යන අවස්ථාවේම නිවෙස් වල සිටින රෝගීන් එම මධ්‍යස්ථාන වලට යොමු කිරිමට කටයුතු යොදා ඇති බවද වීරසූරිය මහතා පැවසිය.
නව ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් විවෘත කර ගැනීම සදහා යුද හමුදාව ලබාදෙන සහය අගය කරන බවද සෞඛ්‍ය අධ්යක්ෂවරයා පැවැසිය.